SORT LYRICS BY NAME:

Sanda Ona - Kasun Kalhara

සඳ ඕනා - කසුන් කල්හාර

සඳ ඕනා
නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා
උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා

අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ

මාෂා සොයා තාමත් නොයා
බලා හිඳී මේ දෙනෙත් විදාලා

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
තාමත් කාගෙද නෑ
ඒ මුහුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
කිඳුරන් වාගෙම නෑ

නවතාලා හිත විමසාලා තරු ඉඟි පානා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා

ඈ නේනා රෑ ඕනා නෑ
තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
තාමත් ඈ ළඟ නෑ

කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිප ගන්නෝනා
ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා

මාෂා
වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ
වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ

අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ

මාෂා සොයා සියොතුන් පවා
ඔහේ ගියා පියාපත් විදාලා
Song title: Sanda Ona The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator