SORT LYRICS BY NAME:

Adambara Sanda - Kasun Kalhara

ආඩම්බර සඳ - කසුන් කල්හාර

ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...
Song title: Adambara Sanda The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator