SORT LYRICS BY NAME:

Seetha Sunil Diya Dahara - Jothipala H.R

සීත සුනිල් දිය දහරා - ජෝතිපාල H.R.

සීත සුනිල් දිය දහරා
ලා නිල් කඳු මනහාරා
තුරු ලිය පිරිලා වන මල් පිපිලා
හිත අලවයි ඇස නලවයි //

තුන් සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම් කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන් දෙවි පිහිට ලබන්
මුණි සිරිපාදේ බුදු රැස් විහිදේ
සමන්ත කූඨ රජාගේ
කමණීයයි රමණීයයි

සීත සුනිල් දිය දහරා..

නව ජීවය දුන් මිහිරී
පිය කෝමල ලාලන කුමරී
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන් කඳ පෙම් පෙර පිනකින්
ඔබ ලැබුනෙන් අද සැනසෙමි මං
තිසරණ සරණින් දෙවි රැකවරණින්
ජීවනයේ සැප පෑදී
සිත සැනසෙයි පින පලදෙයි

සීත සුනිල් දිය දහරා..
Song title: Seetha Sunil Diya Dahara The author: Karunarathna Abeysekara The singer: Jothipala H.r Submitted by: Site Administrator