SORT LYRICS BY NAME:

Pathanaa Dee Sun Wee Nam - Jothipala H.R

පතනා දේ සුන් වේ නම් - ජෝතිපාල H.R.

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්..///

සුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක්‌ වන්නේ
කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..//

පතනා දේ සුන් වේ නම්..

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක්‌ කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ //
මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්..///

පතනා දේ සුන් වේ නම්..
Song title: Pathanaa Dee Sun Wee Nam The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator