SORT LYRICS BY NAME:

Mee Gee Kaatadai - Jothipala H.R

මේ ගී කාටදැයි - ජෝතිපාල H.R.

මේ ගී කාටදැයි
ඔබ දන්නවා ඇති
සිත මගේ පිදු හැටී සිහිවේ නොනැවතී

සිතුපැතු අන්දම රෑ දිවා
අමුතුම ලොවක්‌ මවා
මට මා අමතක වුවා
දිවිය ගැන සිතා
බලාපොරොත්තුවේ කඩතිර ඉරා
පාළුව විඳ දරා...
ඉවසමි දිවිතුරා...

එකම හිනාවට ගී දහසක්‌
බිහිවෙයි මගේ මුවින්
ඇතිවුනි නම් අවබෝධෙ
අද මේ විලස නොවේ
කොතැනක හිටියද මේ ලෝ තලයේ
රකිමි හැම කලේ
සිහිවේ හැම වෙලේ
Song title: Mee Gee Kaatadai The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator