SORT LYRICS BY NAME:

Mahada Namathi Wana Bambara - Jothipala H.R

මහද නමැති වන බඹරා - ජෝතිපාල H.R.

මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

මලින් මලට ඉගිලිලා - රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා - අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්

සිඟිති ඔබට වෙහෙස දී - හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක්‌ නොමැති අප ලොවේ - අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ - ආදරේ කියයි මෙසේ
හ්ම්... හ්ම්.. ම්ම්ම්ම්ම්
Song title: Mahada Namathi Wana Bambara The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator