SORT LYRICS BY NAME:

Sithak Thiyenawaa - Indrajith Dolamulla

සිතක් තියෙනවා - ඉන්ද්‍රජිත් දොලමුල්ල

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා

සිතින් සිනාසි සෙනෙහස පෑවා
පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා
සිහින විමානේ අද යාවී පා වෙලා
සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා

ඇගේ ලෝකයේ රන් කිරුළද පතලා
මැවූ සිහින වැල් සුන් කර දමලා
ඈ හිනහෙනවා පෙර ලෙසින් බලනවා
නෙතු හඬවනවා මා හද රිදවනවා

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ මිරිඟුවක් දකිනවා

ඒ සිත ළඳක් සොයනවා
මිරිඟුවක් දකිනවා ///
Song title: Sithak Thiyenawaa The author: Unknown The singer: Indrajith Dolamulla Submitted by: Site Administrator