SORT LYRICS BY NAME:

Duras Wannata - Indrajith Dolamulla

දුරස් වන්නට - ඉන්ද්‍රජිත් දොලමුල්ල

දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //

දුරස් වන්නට සිතන සැමවිට..

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //

දුරස් වන්නට සිතන සැමවිට..
Song title: Duras Wannata The author: Delthota Chandrapala The singer: Indrajith Dolamulla Submitted by: Site Administrator