SORT LYRICS BY NAME:

Man Mulaavee - Gunadasa Kapuge

මංමුලා වී - ගුණදාස කපුගේ

මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගම‍නේ
මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි
Song title: Man Mulaavee The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator