SORT LYRICS BY NAME:

Mage Hada Madala - Gunadasa Kapuge

මගෙ හද මඬල - ගුණදාස කපුගේ

මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනාසිසී දෝතින් යහන සැදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බලබලා නාඩන් කුමාරියේ

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇඳුණු ලියේ
මල්වර සුවඳ බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ
Song title: Mage Hada Madala The author: Unknown The singer: Gunadasa Kapuge Submitted by: Site Administrator