SORT LYRICS BY NAME:

Muthu Swwemi - Fernando M.S.

මුතු සෙව්වෙමි - ප්‍රනාන්දු M.S.

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා
මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා
රන් සෙව්වෙමි රන් ද හිමි වුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//

මල් පැතුවෙමි මල් ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා //
රස පැතුවෙමි රස ද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..//

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා..

නිල්බර සඳ පතා පල නැතේ
බැබලෙන තරු පතා පල නැතේ //
කිඳුරු ලියන් පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබය පිය කතේ..//

මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.
Song title: Muthu Swwemi The author: Karunarathna Abeysekara The singer: Fernando M.s. Submitted by: Site Administrator