SORT LYRICS BY NAME:

Mage Punchi Roosa Male - Amarasiri Pieris

මගේ පුංචි රෝසමලේ - අමරසිරි පීරිස්

මගේ පුංචි රෝසමලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත්
නොදකින කුමරා...//

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය - නුඹට කියන්න..
තරහක් නැ නුඹ බැසයන්න....

මගේ පුංචි රෝස මලේ...//

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරණවානම්
ආසයි මම කවුළුපියන් - හැරලා තියන්න..
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ...//
Song title: Mage Punchi Roosa Male The author: Unknown The singer: Amarasiri Pieris Submitted by: Site Administrator