SORT LYRICS BY NAME:

Niwan Purata Maga Penwana - Amaradewa W.D

නිවන් පුරට මඟ පෙන්වන - අමරදේව W.D.

නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ
මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ
මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ

නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිළි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා වැයූ බුදුගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිමි කැළණි විහාරේ

සිහිල් සුළන් වැදී සැළී බෝපත් නැළවේ
පහන් හැඟුම් හදේ නැගේ මෙත් කරුණාවේ
වරක්‌ ඇවිත් අප වැන්දොත් කැළණි විහාරේ
උපන් දා පටන් කළ හැම පව් දුරු වන්නේ
Song title: Niwan Purata Maga Penwana The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator