SORT LYRICS BY NAME:

Kundalakeeshi - Amaradewa W.D

කුණ්‌ඩලකේශී - අමරදේව W.D.

නීල වරළ නිල් චාමර
පවන් සලන්නී
කුණ්‌ඩලකේශී //

නෙත උපුලින් වත කමලින්
ගත දුලවන්නී
සිහිල් සිනා කැන් රැහැනින්
මන බැඳලන්නී
කුණ්‌ඩලකේශී //

ගිරි දේවිය විලස රුවන් බරණින
ගත සහහා ගෙන
ගිරි මුඳුනත දෙව් අරණට යමු
අපි ළඳුනේ නොලසින
කුණ්‌ඩලකේශී//
Song title: Kundalakeeshi The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator